රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා 2026 වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අදින් (07) අවසන් කර නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කර තිබේ.
මුස්ලිම් පාසල් සඳහා මෙම නිවාඩුව ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 02 වැනිදා සිටය. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් මස 07 වැනිදා යළි ආරම්භ වන අතර, එම වාරය දෙසැම්බර් 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මීට අමතරව, අස්වැසුම සහ අනෙකුත් පාසල් විභාග කාලසටහනට අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.













