වසර 2021 හමුදා කුමන්ත්රණයකින් මියන්මාරයේ බලය අත්කර ගැනීමෙන් පසු, හමුදා නායක මින් අවුන් ලේයින් සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා තායිලන්තයට පැමිණ තිබේ.
තායිලන්තයේදී රතු පලස් මතින් ඔහු පිළිගත් එරට අගමැති අනුටින් චාන්විරකුල් ඔහු වෙනුවෙන් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර, දෙරට අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීම සඳහා තායි-මියන්මාර ව්‍යාපාරික සංසදය ද ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මියන්මාර හමුදා කුමන්ත්රණයෙන් පසු එරට සිවිල් යුද ගැටුම් උත්සන්න වී ඇති අතර, ආර්ථිකය ද දැඩි ලෙස බිඳ වැටී ඇත. අවුන්සාන් සුකී සිරගත කිරීම හේතුවෙන් ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට ලක්ව සිටින මියන්මාර හමුදා නායකයාට බටහිර රටවලට ඇතුළුවීම ද තහනම් කර ඇති අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ ද නඩු පවරා තිබේ. දේශසීමා ගැටලු විසඳා ගැනීම සහ තායි ව්‍යාපාරික ප්‍රජාව සමඟ ආර්ථික සබඳතා යළි ගොඩනඟා ගැනීම අරමුණු කරගනිමින් ඔහු තායිලන්ත අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.













