ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපතිවරයා වශයෙන් පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (05) හමු විය.
නව යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු ජනාධිපතිවරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය වන අතර, සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගනිමින් ජනාධිපතිවරයා නව හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළේය.













