මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ සිසු දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ රිය නියාමක පුහුණු වැඩමුළුවක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ උඩුගම්පොළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේදී විදුහල්පතිනි ටී.කේ. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගම්පහ මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ ප්‍රජා උපදේශක පොලිස් සැරයන් (40152) මංජුල ප්‍රදීප් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදී රිය අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, අනතුරු සිදුවීමට හේතු, බීමත්ව සහ බලපත්‍ර නොමැතිව රිය පැදවීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාමය වීඩියෝ දර්ශන උපයෝගි කර ගනිමින් සිසුන් දැනුවත් කරන ලදී.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සනත් අමරසිංහ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විද්‍යාලයීය රිය නියාමක ආචාරිණී එම්.ඩී.ජේ.යූ.ඒ. කුමාරි මහත්මිය ඇතුළු සිසු නියාමකයින් සියයක් පමණ සහභාගි වූහ.













