බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ ඊයේ (අගෝස්තු 05) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසයි.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාතාල පලිගැනීම් හේතුවෙන් බන්ධනාගාරය තුළ මෙම ගැටුම් හටගෙන ඇති බව බන්ධනාගාර විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි. ගැටුම හේතුවෙන් මේස, පුටු ඇතුළු භාණ්ඩ රැසකට ද හානි සිදුවී ඇති අතර, තත්ත්වය හේතුවෙන් අමුත්තන් බැලීමට ඇති අවස්ථාව දින දෙකකින් පමණ කල් දැමීමට සිදුවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.














