රටේ විවිධ බන්ධනාගාර තුළ මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (අගෝස්තු 07) පාර්ලිමේන්තුවේදීය.
ඊයේ (අගෝස්තු 06) දින මැගසින් බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමෙන් එක් මරණයක් සහ කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක් සිදුව ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එසේම, මීගමුව දළුපොත පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ ද මේ වන විට කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වන බැවින්, මේ සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන ලෙස ඔහු අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්සා සිටියේය.














