හොංකොං හි පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරයට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසුණු අතර, එහිදී කණ්ඩායමට සුබ පැතුම් එක් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් සහ නෙට්බෝල් සම්මේලනයේ සභාපතිතුමිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තිසලා අල්ගම (නායිකා), තිළිණි වත්තෙගෙදර, ගයාන්ජලී අමරවංශ, ගයනි දිසානායක, රශ්මි පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි, දුලංගි වන්නිතිලක, තුමල්කා ඒකනායක, භාෂි උඩගෙදර, චලනි නීෂා, තිමී වසන්තප්‍රිය සහ අංජලිකා තිලකරත්න යන ක්‍රීඩිකාවන් ඇතුළත් වේ. මීට අමතරව, පුහුණුකාරිනිය ලෙස සොමිතා ද අල්විස් මිය, කළමනාකාරිනිය ලෙස කුමාරිහාමි තෙන්නකෝන් මිය, වෛද්‍ය නිලධාරී ලෙස ලාල් ඒකනායක මහතා, සම්බාහක ලෙස දමයන්ති හේවගේ මිය සහ මෙහෙයුම් නිලධාරිනී ලෙස දමයන්ති ජයතිලක මිය යන නිලධාරීන් කණ්ඩායම සමඟ එක්ව සිටිති.














