කුරුවිට බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (අගෝස්තු 06) රාත්‍රියේ ආරම්භ වූ මෙම නොසන්සුන්තා තත්ත්වය අද (අගෝස්තු 07) උදෑසන වන විට තවදුරටත් වර්ධනය වී ඇති අතර, එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට ද අලාභහානි සිදු කර ඇති බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇත. සිද්ධියෙන් පසු බන්ධනාගාරය තුළ සහ අවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර, සාමාන්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බලකාය (STF) ද යෙදවීමට බලධාරීන් කටයුතු කර තිබේ. මෑතකදී දිවයිනේ විවිධ බන්ධනාගාර තුළ වාර්තා වූ නොසන්සුන්තා මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම සිදුවීම වාර්තා වන අතර, බන්ධනාගාරගත රැඳවියන් අධික ලෙස තදබද වීම සහ ඊට සම්බන්ධ විවිධ ගැටලු මෙම














