රටේ විවිධ බන්ධනාගාර තුළ ඇතිවී තිබෙන තත්ත්වයන් හමුවේ මාතර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.මේ වන විට යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිසිය කැඳවා මාතර බන්ධනාගාරය වටා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. කෙසේ වෙතත්, මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කිසිදු කලහකාරී සිද්ධියක් වාර්තා වී නොමැති අතර, රැඳවියන්ගේ ඥාතීන් ද ඔවුන් බැලීමට පැමිණ තිබූ බව වාර්තා වේ.














