2025 අංක 25 දරන පනතින් සංශෝධිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් මඟපෙන්වීම් සැපයීමේ අරමුණින් දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් නව පෞද්ගලික දත්ත ආරක්ෂණ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙමඟින් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සහ අනෙකුත් රාජ්‍ය අධිකාරීන් වෙත අවශ්‍ය මඟපෙන්වීම ලබා දී ඇත. පෞද්ගලික දත්ත රැස් කරන, භාවිත කරන, ගබඩා කරන හෝ සකසන රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු මූලික නෛතික මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඊට අනුකූල වීම සඳහා වන ප්‍රායෝගික ප්‍රවේශයක් මෙහි අන්තර්ගත වේ.පනතේ අදාළ විධිවිධාන 2027 වසරේ ජනවාරි 1 වන දින ක්‍රියාත්මක වීමට පෙර, රාජ්‍ය අංශයේ සියලුම ආයතන ප්‍රමාණවත් ලෙස සූදානම් වීම සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් දන්වා ඇත














