• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ බැඳුම්කර අලාභය රු. කෝටි 400යි

වැඩිම පිරිසක් ගිවිසුම් කඩකර ඇත්තේ වත්මන් උපකුලපති මධුජිත්ගේ පාලන සමයේ අයකර ගැනීමත් අවශ්‍ය නැතැයි උපකුලපති කෝප් කමිටුවට කියයි

8 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ බැඳුම්කර අලාභය රු. කෝටි 400යි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව මත විදේශගත වන විද්‍යාර්ථීන් සිය බැඳුම්කර ගිවිසුම් කඩකිරීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයවීමට ඇති මුදල රුපියල් කෝටි 400කට ආසන්න බව පසුගිය අගෝස්තු 05 වන දින පැවැති කෝප් කමිටු රැස්වීමේදී හෙළිදරව් වී තිබේ.
එහිදී හෙළි වූ කරුණු අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 68 දෙනෙකුගෙන් මෙම මුදල අයකර ගැනීමට ඇති අතර, ඉන් වැඩිම පිරිසක් බැඳුම්කර කඩකිරීම සිදුකර ඇත්තේ වර්තමාන උපකුලපති ටෙරන්ස් මධුජිත්ගේ පාලන කාලය තුළදීය.
දත්තයන්ට අනුව 2020 වසරේදී 03 දෙනෙකුද, 2021 වසරේදී 06 දෙනෙකුද, 2022 වසරේදී 21 දෙනෙකුද, 2023 වසරේදී 15 දෙනෙකුද, 2024 වසරේදී 22 දෙනෙකුද සහ 2025 වසරේදී 26 දෙනෙකුද වශයෙන් බැඳුම්කර ගිවිසුම් කඩකිරීම් වාර්තා වී ඇත. මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ පසුගිය වසර කිහිපය තුළ බැඳුම්කර කඩකිරීම් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම 2024 වසරේ මහාචාර්ය මධුජිත් උපකුලපති බවට පත්වීමෙන් පසුව එම ප්‍රවණතාව තවත් වැඩි වී ඇති බවයි.
කෝප් කමිටුවේදී අදහස් දැක්වූ උපකුලපති මධුජිත්, මෙම බැඳුම්කර කඩකළ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි බවත්, ඔවුන් පස්සේ පැන්නීම නුසුදුසු බැවින් සානුකම්පිතව බැලිය යුතු බවත් පවසා ඇත. එසේම ඔවුන් විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධියට මීට පෙර විශාල මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන් කරමින් එම තත්ත්වය සාධාරණීකරණය කිරීමටද උත්සාහ ගෙන තිබේ. රජයේ අධික බදු අයකිරීම මෙම ගිවිසුම් කඩකිරීමට හේතු වූ බව පැවසූ ඔහු, අදාළ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම අත්හැර දමා ඇති බවද ප්‍රකාශ කර ඇත.
උපකුලපතිවරයාගේ මෙම ප්‍රකාශ සහ හැසිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් කිහිපදෙනෙකුම දැඩි විවේචන එල්ල කර ඇත. මහජන මුදල් අවභාවිත වීමක් සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු නොකර, බැඳුම්කර කඩකළ පිරිස ආරක්ෂා කිරීමට කටයුතු කිරීම දැඩි ප්‍රශ්නගත ක්‍රියාවක් බවත්, මෙවැනි අක්‍රමිකතාවලට එරෙහිව රටේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් එම පිරිස වැඩිදුරටත් පෙන්වා දෙති.
Post Views: 15
Previous Post

මාතර බන්ධනාගාරයට දැඩි ආරක්ෂාවක්

Next Post

මැගසින් බන්ධනාගාරයේ ඉන්න අකිල විරාජ්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මැගසින් බන්ධනාගාරයේ ඉන්න අකිල විරාජ්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

මැගසින් බන්ධනාගාරයේ ඉන්න අකිල විරාජ්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නැයි එජාපයෙන් ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved