“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ ක්රියාත්මක වන ‘අත්තම’ ජාතික පවිත්රතා වැඩසටහන අද (08) පෙ.ව. 8.00ට දිවයින පුරා ආරම්භ කෙරිණි.‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කරනු ලබන මෙම වැඩසටහන, දිවයින පුරා පිහිටි සියලුම ග්රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ක්රියාත්මක වේ. පරිසර ප්රජා සහජීවනය සහ පවිත්ර දේශයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.ප්රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්රියාත්මක වන අතර, ප්රජාව අතර සහයෝගීතාව සහ සාම්ප්රදායික ශ්රම හුවමාරු සංකල්පය නැවත තරුණ පරපුර තුළ ප්රවර්ධනය කිරීම මෙහි විශේෂිත අරමුනකි. එමෙන්ම, පොදු දේපළ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරමින් මහා මාර්ග, වෙළඳපොළ සහ පොදු ස්ථාන පිරිසිදුව තබා ගනිමින් දැකුම්කලු පරිසරයක් නිර්මාණය කිරීම ද අපේක්ෂා කෙරේ.














