පවතින අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ ඉදිකොට තිබූ ආරක්ෂිත බැමි සහ භූමිය ඉරිතලා යමින් එම ස්ථානය දැඩි නායයෑමේ තර්ජනයකට ලක්වී තිබේ.
මේ වන විටත් අඩි පහක් පමණ පහළට පස්කඳු තල්ලු වී ඇති අතර, එහි ඉදිකොට තිබුණු ජලය බැස යන කාණු පද්ධතියද පහළට තල්ලුවී අසල නිවසක බැම්මකට හේත්තු වී ඇත. විහාරස්ථානයට අයත් මෙම ඉඩම 2018 වසරේදී නායයෑමට ලක්වූ අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යාපෘතියක් ලෙස රුපියල් කෝටි 500කට අධික මුදලක් වැයකොට මෙම ආරක්ෂිත බැම්ම ඉදිකොට අවසන් කර ඇත්තේ පසුගිය මාසයේදීය. කෙසේ වෙතත්, පවතින අධික වර්ෂාවත් සමඟ එම නායයෑම යළි සක්‍රීය වීමේ දැඩි අවදානමක් පවතී.














