මෙරට සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
පසුගිය ජුනි මාසයේදී මෙරට විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 133කින් එනම් 2.017%ක සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇත. මීට අමතරව, ජුනි මාසයේදී ඩොලර් මිලියන 191ක් ලෙස පැවති රන් සංචිතය ජූලි මාසයේදී ඩොලර් මිලියන 192 දක්වා මිලියනයකින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.














