කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පාලනයකින් තොරව පැතිර යන දැඩි ළැව් ගින්නක් හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ අක්කර 23,500කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී තිබේ.
එක් රැයක් තුළ මෙම ගින්න දෙගුණයකට වඩා වැඩි ප්‍රදේශයකට සීඝ්රයෙන් පැතිර යාම නිසා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත රජය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ වන විට අවදානම් ප්‍රදේශවල සිටින පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.














