රට පුරා විහිදී සිටින සාමාජිකයන්ගෙන් සමන්විත බාලදක්ෂ ව්‍යාපාරයට රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා ප්‍රකාශ කර තිබේ.
2026 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම උත්සවයේදී ජනාධිපති ලේකම්වරයා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පැළඳවීම ද සිදු කෙරිණි. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුළු බාලදක්ෂ නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.













