බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පෙරහැර මංගල්‍යය ජූලි 25 වැනිදා සිට අගෝස්තු 16 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, මහනුවර දළදා පෙරහැරට පසු මෙරට පැවැත්වෙන ප්‍රධාන පෙරහැර මංගල්‍යයක් වන මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහැරේ අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන රන්දෝලි මහා පෙරහැර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙවර පෙරහැර සඳහා අලි ඇතුන් 40 දෙනෙකු පමණ සහභාගි කරවීමට නියමිත අතර, සියලු සංස්කෘතික අංග මෙන්ම නව සංස්කෘතික අංග කිහිපයක්ද මෙවර පෙරහැරට එක් කර තිබේ.
















