ඊශ්‍රායලය සමස්ත මුස්ලිම් ලොවටම දැඩි තර්ජනයක් වී ඇති බව පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍ය කවාජා ආසිෆ් (Khawaja Asif) ප්‍රකාශ කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත් සේවය වාර්තා කරයි. පාකිස්තානය, සෞදි අරාබිය සහ තුර්කිය ඒකාබද්ධව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා දිනකට පසු එරට රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
ඊශ්‍රායලයේ තර්ජනවලට එරෙහිව සියලුම මුස්ලිම් රටවල් එක්ව එක්සත් හමුදා පෙරමුණක් ගොඩනඟන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා ඇත. 1940 ගණන්වලදී නීතිවිරෝධී රාජ්‍යයක් ලෙස පිහිටුවන ලද ඊශ්‍රායලය කලාපයේ ඕනෑම රටකට සෘජු තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යයේ 1917 බල්ෆෝර් ප්රකාශනය (Balfour Declaration) මඟින් යුදෙව් ජනතාව සඳහා රැකවරණය සැලසීමෙන් ආරම්භ වූ ක්‍රියාවලිය දශක තුනකට පසු ඊශ්‍රායලයේ ස්වාධීනත්වයට මඟ පෑදූ බව ඔහු මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර ඇත.














