ශ්‍රී ලංකාවේ තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, නව බලශක්ති වාහන (NEVs) මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක්ව විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ.
මෙම හවුල්කාරීත්වය යටතේ BYD සහ DENZA යන ප්රමුඛ පෙළේ විදුලි වාහන සන්නාම සඳහා තරගකාරී පොලී අනුපාත, කඩිනම් අනුමැතිය සහ දීපව්‍යාප්ත සේවාවක් හිමි වේ. වසර 7ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, සුදුසුකම් ලබන පාරිභෝගිකයන්ට පැය 24ක් ඇතුළත ලීසිං අනුමැතිය ලබා ගැනීමට හැකියාව ඇත. මීට අමතරව, ලිපිලේඛන සේවා ගාස්තු සඳහා 50%ක වට්ටමක් සහ පාරිභෝගිකයන් වෙතටම පැමිණ සේවාව ලබා දෙන විශේෂඥ ලීසිං නිලධාරීන්ගේ සහයද හිමි වේ.
මෙම පහසුකම් පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා සඳහන් කළේ, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට සහ පාරිභෝගිකයන්ට නම්‍යශීලී ලීසිං විසඳුම් ලබා දීමට මෙමඟින් හැකි වන බවයි. එසේම, ජෝන් කීල්ස් සීජී ඔටෝ හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ, මෙම හවුල්කාරීත්වය ඔස්සේ වාහන මිලදී ගැනීමේ සමස්ත ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම අත්දැකීමක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවයි.
වැඩිදුර තොරතුරු සඳහා 011 200 88 88 අංකය ඔස්සේ සෙලාන් බැංකුව ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.














