ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි එතුමාගේ කාර්යාලයේදී ජනතා දින වැඩසටහනක් (12 අගෝස්තු) පවත්වන ලදී.
මෙහිදී ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන්ට, ඔවුන්ගේ පවුම්වල සාමාජිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට තම සුභසාධන කටයුතු සම්බන්ධ ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමට සහ ඒ සඳහා සහන සලසා ගැනීමට අවස්ථාව උදා විය.
මෙම වැඩසටහනේදී සහභාගී වූවන් ඉදිරිපත් කළ ගැටලු සහ දුක්ගැනවිලි හොඳින් සවන් දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ගැටලු විසඳීම සඳහා කඩිනමින් සුදුසු පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබා දුන්නේය.














