යුක්‍රේනය විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැඩි හානි සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් එම පර්යන්තවල කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රුසියානු බලධාරීන්ට සිදුව තිබේ.
මෙම හදිසි ප්‍රහාරයෙන් අට හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 24 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.














