පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු, විත්තියේ ස්ථාවරය අද (14) දැනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට නියෝග කර තිබේ.
ඒ අනුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන්නේද, සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි දෙන්නේද යන්න සහ විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවන්නේද යන්න පිළිබඳව අද දිනයේ අධිකරණයට දැනුම් දිය යුතුව ඇත. 2019 වසරේ එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.














