පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි මන්ත්‍රීවරයා පැය කිහිපයක් පුරා ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.














