ක්රිප්ටෝ ආරම්භක සමාගම්වලට සාම්ප්රදායික සුරැකුම්පත් නීතිවලට අනුකූල නොවී ප්රාග්ධනය රැස් කිරීමට අවසර දෙන නව නීති රීති සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීම සඳහා සිකුරාදා (අද) පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිසමේ (SEC) විශේෂ රැස්වීමක් හදිසියේ අවලංගු කර තිබේ.
පැනනැගුණු අනපේක්ෂිත කාලසටහන් ගැටළුවක් හේතුවෙන් මෙම රැස්වීම කල් දැමූ බව SEC ප්රකාශකයෙකු සඳහන් කර ඇති අතර, ක්රිප්ටෝ කර්මාන්තයේ ප්රමුඛතා පනතක් වන ‘ක්ලැරිට් පනත’ (Clarity Act) සෙනෙට් සභාව විසින් විමර්ශනයකින් තොරව සති පහක විවේකයකට යාමෙන් අනතුරුව මෙම තත්ත්වය උද්ගත වී ඇත. ට්රම්ප් පාලන සමයේ SEC සභාපති පෝල් ඇට්කින්ස් යටතේ ක්රිප්ටෝ ප්රතිපත්ති වෙනස් කරමින් බ්ලොක්චේන් වෙළඳාම සඳහා පහසුකම් සැලසීමේ පුළුල් ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට මීට පෙර පියවර ගෙන තිබිණි.
















