වත්මන් ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙස අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් සහ හර්ෂිතා සමරවික්‍රමගේ උප නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු වන දෙව්මි විහංගා, මිතලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති ඇතුළත් කර ඇත. බී කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී අගෝස්තු 29 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද, සැප්තැම්බර් 02 දින ඉන්දුනීසියාව සමඟද, සැප්තැම්බර් 06 දින බංග්ලාදේශය සමඟද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය:
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, මිතලි අයෝද්‍යා, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, දෙව්මි විහංගා, කෞෂානි නුත්‍යාංගනා, කාව්‍යා කාවින්දි.
















