මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු සහ පාතාල ප්‍රබලයකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. පේරාදෙණිය පොලීසියේ රඳවාගෙන මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි. ඒ අනුව ඉකුත් 12 වනදා රාත්‍රී කාලයේදී විශේෂ ආරක්ෂිත බන්ධනාගාර බස් රථයකින් ඔහු බූස්ස වෙත රැගෙන ගොස් ඇති අතර, මෙවැනි ප්‍රබල අපරාධකරුවන්ගෙන් තවදුරටත් පුළුල් තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කළ අවස්ථාවක ඔවුන් ඉක්මනින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
















