පාකිස්ථාන මධ්‍යම රජයේ ණය ප්‍රමාණය මෙම වසරේ ජූනි වන විට රුපියල් ට්‍රිලියන 83.6 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. ආදායම්වල සැලකිය යුතු වර්ධනයක් පැවතුණද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය සහ තවත් ලැයිස්තුගත කිරීම් කිහිපයක් හැර මෙම ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව පසුගිය වසර හතරක කාලය තුළ පවතින සමස්ත ණය ප්‍රමාණය සියයට 75 කින් වැඩි වී තිබේ. පාකිස්ථාන මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025-26 මුල්‍ය වර්ෂය සඳහා වන ණය වාර්තාවට අනුව, මෙම අගය පෙර මුල්‍ය වර්ෂයට වඩා රුපියල් ට්‍රිලියන 5.8 ක එනම් සියයට 7.3 ක වැඩිවීමකි. කෙසේ වෙතත්, විදේශීය මුදල්වලට සාපේක්ෂව පාකිස්ථාන රුපියල ශක්තිමත් වීම සහ මුදල් අමාත්‍යාංශය මගින් සිවිල් රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙවර ණය ඉහළ යාමේ වේගය පෙර වසරවලට වඩා මන්දගාමී වී ඇති බව සඳහන් වේ.
















