පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා රුපියල් මිලියන 1.3 ක මූල්‍ය ප්‍රතිපාදන මත ධීවර බෝට්ටු 19ක් ප්‍රදානය කර තිබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර මහතාගේ සංවිධායකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (13) පැවති මෙම උත්සවයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහභාගී වී ප්‍රතිලාභීන් වෙත බෝට්ටු නිල වශයෙන් භාර දී ඇත. කුණාටුවෙන් බෝට්ටු සහ උපකරණ අහිමි වී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් ධීවරයින්ට යළි මුහුදු ගොස් තම ජීවනෝපාය නංවා ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ.
















