තමා මින් ඉදිරියට මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ බල කිරීම මත මෙවර මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූ නමුත්, තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නියැලෙන අතරම මහනුවරට අවශ්‍ය සේවය අඛණ්ඩව ඉටු කරන බවයි. රජයේ ප්‍රකාශිත වී මිලදී ගැනීමේ මිල කිසිසේත්ම වෙනස් නොවන බවත්, මහා පරිමාණ වී මෝල් හිමියන් රජයේ මිලට වී මිලදී ගැනීමට කැමැත්ත පළ කිරීම සාධනීය තත්ත්වයක් බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.
















