පාකිස්තාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය විසින් නිකුත් කරන ලද නිල ලිපියකට අනුව, එරට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරන ඇෆ්ගනිස්ථාන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කර තිබේ. මෙම නියෝගය නව ඇතුළත් කිරීම් සඳහා මෙන්ම දැනටමත් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ද බලපැවැත්වෙන අතර, ඒ අනුව අදාළ සිසුන් යළි ඇෆ්ගනිස්ථානය වෙත යා යුතු වේ. ජාතික ප්‍රතිපත්තිමය කරුණක් ලෙස පෙන්වා දෙමින් රට පුරා පිහිටි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍ය මෙන්ම දන්ත වෛද්‍ය ආයතන වෙත මෙම උපදෙස් තදින්ම පිළිපදින ලෙස දන්වා ඇත.
















