යුක්රේන නගර සහ ජනාවාස ඉලක්ක කර රුසියාව දියත් කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී සිවිල් මරණ සංඛ්‍යාව සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 2022 මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මාසික සිවිල් මරණ සංඛ්‍යාව මෙය වන අතර, ජූලි මාසය තුළ අවම වශයෙන් සිවිල් වැසියන් 437 දෙනෙකු මියගොස් 2,610 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ මෙහෙයුම නිකුත් කළ වාර්තාවක දැක්වේ. බැලස්ටික් මිසයිල සහ ග්ලයිඩ් බෝම්බ ඇතුළු දුරදිග විහිදෙන අවි ප්‍රහාර මෙම මරණවලට ප්‍රධාන හේතුව වී ඇති බවත්, මියගිය පිරිස අතර ළමයින් 17 දෙනෙකු ද වන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















