මෙවර ආසියානු නෙට්බොල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ විනිසුරුවන් දෙදෙනකු සහභාගි වන බව වාර්තා වේ.
ඒ බිබිල යශෝදරා බාලිකා විදුහලේ පුහුණුකරු එරංග සිතාර මහතා සහ ගැටියමුල්ල ගාමිණී අභය මහා විදුහලේ ගුරු අශාන් චිරන්ත මහතායි. ලෝක නෙට්බොල් සම්මේලනයේ අදාළ නිල තත්ත්වය හිමි කරගෙන ඇති එරංග සිතාර මහතා ආසියානු නෙට්බොල් ශූරතාවලියේ කුසලාන තරගාවලියේ ප්‍රමුඛ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර, අශාන් චිරන්ත මහතා පළිහ තරගාවලිය විනිශ්චය කරන ප්‍රමුඛ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.
















