පොල්ලකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පසුගිය 25 වන දින මෙම පහරදීම සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ වැල්ලව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 54 හැවිරිදි නිලධාරියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇත.
















