රුසියාව සහ යුක්රේනය අතර කළු මුහුද කලාපයේ සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා තුර්කිය ඉදිරිපත් කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කිසිදු “අර්ධ පියවරකට” (half-measures) හෝ සතුරු පාර්ශ්වයට විවේකයක් ලබා දීමට තරම් සුදුසු පසුබිමක් තමන් නොදකින බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සහකාරෝවා (Maria Zakharova) ප්‍රකාශ කළාය. කළු මුහුදේ සිවිල් නාවික කටයුතු ඉලක්ක කර යුක්රේනය ප්‍රහාර එල්ල කරන බවට ඇය චෝදනා කළ අතර, 2022-2023 කාලයේ ක්‍රියාත්මක වූ කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම වෙත යළි යාමද ප්‍රායෝගික නොවන බව සඳහන් කළාය.
















