බ්‍රිතාන්‍යය “ඉස්ලාමීය ජනරජයක්” බවට පත්විය හැකි බවත්, එය න්‍යෂ්ටික අවි සහිත “පළමු ඉස්ලාමීය ජනරජය” විය හැකි බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
අද (අගෝස්තු 14) ඊශ්‍රායල හමුදා ගුවන්විදුලි වැඩසටහනකට එක්වෙමින් කළ සම්මුඛ සාකච්ඡාවකදී නෙතන්යාහු මෙම අදහස් පළ කර ඇත. ඊශ්‍රායලය සහ ඉරානය අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පවතින ගැටුම ගැන අදහස් දක්වමින්, ඔහු බ්‍රිතාන්‍යයේ වර්තමාන සමාජ හා දේශපාලන පරිසරය විවේචනය කරමින් මෙම මතය ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ගාසා යුද්ධය, පලස්තීන රාජ්‍යය පිළිබඳ ස්ථාවරය සහ ආයුධ අපනයන බලපත්‍ර අත්හිටුවීම වැනි කරුණු නිසා බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක වීම විශේෂත්වයකි.
















