බස්නාහිර පළාත හැර මෙරට අනෙකුත් සියලු පළාත් ආවරණය වන පරිදි ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේදී පවත්වා තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් සහ නාගරික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටලු සහ ඒවාට තිරසර විසඳුම් ලබාදීම මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක් විය. ඉදිරියේදී දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වසර තුනක අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ අරමුණු සාකච්ඡා කර ඊට අදාළ අදහස් ලබා ගැනීම ද මෙම වැඩසටහනේදී සිදුව ඇත.














