2026 වසරේ මුල් මාස හය තුළ (ජනවාරි සිට ජුනි දක්වා) ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය 2025 වසරේ අදාළ කාල සීමාව තුළ ඉන්ධන ආනයනය සඳහා වැය වී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,995.7කි. ඒ අනුව, මෙම වසරේ මුල් භාගයේ ඉන්ධන ආනයන වියදම 2025 වසරට සාපේක්ෂව සියයට 58.8ක සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.














