ගත වූ මාස තුනක කාලය තුළ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ පුද්ගලයින් දිවිතොර කරගැනීම් ඉහළ ගොස් ඇති බැවින්, එය වැළැක්වීමට වහාම ක්‍රමවේදයක් සකස් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ යාපනයේ පමණක් පසුගිය මාස තුන තුළ පුද්ගලයින් 84 දෙනෙකු දිවිතොරකරගැනීම් ඇති බවයි. යුද සමයක මිනිසුන් ලක්ෂයකට 15ක් පමණ විය යුතු මානසික ආතති රෝගීන් සංඛ්‍යාව මේ වන විට උතුරු පළාතේ තුන් ගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත. මත්පැන් පානය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සන්නිවේදන පරතරය, තනිකම සහ දැඩි මානසික ආතතිය මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබේ.
මේ සඳහා පිලියමක් ලෙස, මානසික අවපීඩනයෙන් හෝ පවුල් ගැටලු වලින් පෙළෙන පුද්ගලයින්ට මනෝවිද්‍යාත්මක උපදෙස් ලබා ගැනීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 021 222 6666 යන දුරකථන අංකය (නේයම් අංශය) ඇමතීමට ජනතාව යොමු කරවන ලෙසත්, එම තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කෙරිණි.
















