අධිකරණය දේශපාලනීකරණය කිරීම විශාල ප්‍රශ්නයක් වන බැවින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අවදානමක් නොගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම පසෙකලා ජාතික ජන බලවේගය රජය ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ දරමින් රාජ්‍ය බලය සහ අධිකරණයේ බලය එක මිටකට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා විවෘත මනසකින් කටයුතු කර නැති බවත්, ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු සාකච්ඡාවට කැඳවීම සංදර්ශනයක් පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. රටේ බොහෝ ගැටලු පවතින අවස්ථාවක මෙම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව දැඩි හදිස්සියක් දක්වන නමුත්, ජනතාව ඉල්ලන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















