මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් සඳහා කැන්ඩි සිටි සෙන්ටර් හි සභාපති තුසිත විජේසේන මහතාගේ අනුග්‍රහයෙන් හස්ති වස්ත්‍ර 32 වන වරටත් පෙරේදා පූජා කර තිබේ.ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත මෙම වස්ත්‍ර නිල වශයෙන් භාර දීම සිදු කර ඇති අතර, මාධව ජයසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇත.
















