අමානුෂික ලෙස පහරදී, වධහිංසා කර, සිරුරේ තැනින් තැන පුළුස්සා වත්තේගම පොලිස් වසමේ යටිරාවණ පෙදෙසේ පාළු පාරක අත්හැර දමා සිටියදී පොලිසිය විසින් බේරාගත් සිවු හැවිරිදි දැරියට වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින්, දැරියට බරපතළ ලෙස පහරදීම, අත්හැර දැමීම සහ කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත. දැරියට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් ඇගේ මුඛයට ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















