උතුරේ පලෙයි ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49ක් හෙළි කරමින් රහසිගතව කොන්ක්‍රීට් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම පිළිබඳව වහාම සොයා බලන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්‍ෂ වෛද්‍ය සංගීත් ජයසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
දැනටමත් එහි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකޮට ඇති අතර, එය ආරක්ෂාවට හානිකර ක්‍රියාදාමයකට රහසිගතව සැලසුම් කරන්නට යොදාගෙන ඇත්දැයි සෙවිය යුතු බව කොමිසම අවධාරණය කරයි. මෙම ගොඩනැගිලි අතර ඇඟලුම් කම්හලක් සහ කෝමාරිකා වගාවක් පවත්වාගෙන යන බවටත්, ඩ්‍රෝන කැමරා ඡායාරූප හරහා අක්කර 39-45ක ප්‍රමාණයක් නීති විරෝධී ලෙස කම්බි ගසා ආවරණය කර ඇති බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහජන ආරක්ෂක ඇමැතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත යොමුකළ ලිපියක දැක්වේ.














