ගව, එළු, බැටළු සහ සූකර සත්ත්වයන්ගේ ගොවිපළ නිවාස සඳහා රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ. ගංවතුර, සුළි සුළං, අකුණු අනතුරු, නායයෑම් සහ වන සතුන්ගෙන් වන හානි සඳහා මෙමගින් වන්දි ලබාදීමට නියමිතය.
මෙම රක්ෂණය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5ක් (ලක්ෂ 25ක්) වන අතර, ගොවීන් ගෙවිය යුතු මූලික වාරික මුදල රක්ෂිත මුදලින් 2.5%කි. මීට අමතරව ගිනි ගැනීම්වලදී සිදුවන අනතුරු ආවරණය කර ගැනීමට අතිරේක 1%ක මුදලක් ගෙවිය යුතු බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන ගොවිපළ නිවාස පමණක් මෙම රක්ෂණ ක්‍රියාවලියට යටත් වේ.














