ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කනස්සල්ල පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්න්වයිට් මහත්මිය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව දන්වා ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය අඩපණ විය හැකි බවත්, විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඉඩකඩ ඇති බවත් ඇය අවධාරණය කරයි. අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා මෙම වෙනස්කම් සිදු කරන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මෙම යෝජනාව ජාත්‍යන්තර සම්මුතීන්ට සහ මූලධර්මවලට පටහැනි වීමේ අවදානමක් ඇති බවද පෙන්වා දී තිබේ.














