ඉන්දුනීසියාවේ අද (15) අලුයම සිදුවූ මාරාන්තික භූමිකම්පාවෙන් පැය කිහිපයකට පසු, අද පස්වරුවේ එරට බටහිර සුමාත්‍රා දූපත ආසන්නයේ තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ මෙම නවතම භූමිකම්පාව රික්ටර් මාපකයේ **6.9ක ප්‍රබලත්වයෙන්** සටහන් වී ඇති බවයි. අද අලුයම සිදුවූ පළමු භූමිකම්පාවෙන් මේ වන විට පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් **ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව** ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කර ඇති අතර, දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත බව දන්වා සිටියි.
















