ඉන්දියාවේ 80 වන ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවය මහනුවර අම්පිටිය පාරේ පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් සාරණ්‍යා වී. එස්. මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ඇය විසින් ඉන්දීය ජාතික කොඩිය ඔසවා, ඉන්දීය ජාතික ගීය ගායනා කරමින් උත්සවය ආරම්භ කළාය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා ඇතුළු මහා සංඝරත්නය සහ ආරාධිත ප්‍රභූන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. තවද, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර හිටපු පුරපති කේසර සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඉන්දීය ජාතිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් පවත්වන ලද විවිධ වැඩසටහන්වලට සහභාගී වූ පාසල් දරුවන් වෙත සහතික පත් ප්‍රදානය කිරීමද සහකාර මහ කොමසාරිස්වරිය අතින් සිදු කෙරිණි.
















