ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ක්‍රීඩා සංවර්ධන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක් කියුබාවේ හවානා නුවරදී පවත්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ කියුබානු ක්‍රීඩා අමාත්‍ය ඔස්වල්ඩෝ වෙන්ටෝ මහතා අතර මෙම සාකච්ඡාව සිදුව ඇත.
කියුබානු රජයේ සහ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ විශේෂිත ක්‍රීඩා පුහුණු වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට කියුබානු රජය එකඟ වී තිබේ. ඔලිම්පික් පදක්කම් 244ක්, ඉන් රන් පදක්කම් 89ක් දිනා ඇති කියුබාව බොක්සිං සහ මල්ලවපොර ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රවල ජාත්‍යන්තර මට්ටමින් ඉහළ පිළිගැනීමක් ඇති රටකි.
මෙම අවස්ථාවට කියුබානු ජාතික බොක්සිං සහ මල්ලවපොර සම්මේලනවල සභාපතිවරුන් මෙන්ම කියුබාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද රත්නායක මහතා ද සහභාගී වී ඇත.














