ගල්කිස්ස හුළුදාගොඩ පාරේ පිහිටි ප්‍රදේශයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.














