ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා-චීන ව්‍යාපාරික කවුන්සිලය (SLCHBC) සිය 25 වැනි වාර්ෂික මහ සභා රැස්වීම පවත්වමින් වසර 25ක සපිරුම් සංවත්සරය සමරනු ලැබීය.
ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මෙම කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස සම්පත් කුමාර මහතා පත්ව ඇති අතර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස චන්ද්‍රිකා රණවක මහත්මිය සහ උප සභාපතිවරයා ලෙස මොහොමඩ් හමීස් මහතා කටයුතු කරති. ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීම, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ චීන තාක්ෂණය මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී විශේෂ අවධානය යොමු කරන බව නව සභාපතිවරයා සඳහන් කර ඇත.














