බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 27,000කට අධික විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ වන විට වෙන් කර ඇති බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී නිල වශයෙන් අනාවරණය කර තිබේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලැබී ඇති රුපියල් මිලියන 2,522ක ප්‍රතිපාදන යටතේ සංවර්ධන ව්‍යාපෘති 1,265ක් ක්‍රියාත්මක වන අතර, ඌව පළාත් සභාව මඟින් රුපියල් මිලියන 25,139ක මූල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘති 4,695ක් ක්‍රියාවට නංවා ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය මෙන්ම බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව, ආයතන ද්විත්වයම යටතේ සමස්ත ප්‍රතිපාදන රුපියල් මිලියන 27,661ක් ඉක්මවන අතර, මුළු ව්‍යාපෘති 5,960ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශීය මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
රාජ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන (NGO) මඟින් සිදු කරනු ලබන ව්‍යාපෘතිවල තොරතුරු ද විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත වාර්තා කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඉදිරි කාලය තුළ මෙම අරමුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ කලාපීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම පුළුල් සංවර්ධන යාන්ත්‍රණය ප්‍රබල රුකුලක් වනු ඇත.














